Colombo Today Local News

යුදහමුදාව සහ වැලි ජාවාරම් කරුවන් ගැටෙයි හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මරුට

කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊයේ (20) දින ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

මුහමාලෙයි වැලි ජාවාරම් කරුවන් පිරිසක් පිළිබඳව තොරතුරක් ලැබී අදාල ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් වැටලීම සිදු කොට ඇති අතර එහිදී වැලි ජාවාරම් කරුවන් හා යුද හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.

පළමුව වැලි ජවාරම් කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පලා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාවාරම් කරුවන් පිරිසක් විසින් පැමිණි යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබගෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල වී ඇත.

බරපතල තත්වයේ සිටි තුවාල කරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නැමති තරුණයෙක් වන අතර ඔහුගේ මහෙස්ත්‍රාත් මරණ පරික්ෂණ කටයුතු අද (21) දින සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලීසිය පැවසීය.

තරුණයාගේ මිය යාමත් සමග ප්‍රදේශවාසීණ් විසින් වෙඩිතැබීමට එරෙහිව ඊයේ (20)දින සවස පලෙයි රෝහලට පැමිණ උණුසුම් අයුරින් විරෝධය පෑමට ගත් උත්සහයේදී පලෙයි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමටද පියවර ගනු ලැබූ අතර අදාල වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පවසයි.

Related posts

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin

මැතිවරණ දිනය අභියෝගයට ලක් කර ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද 6 වන දිනටත් සිදු කෙරේ

colombotoday

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

ශ්‍රී ලාංකීය තබ්ලික් ජමාත් අනුගාමිකයින් 33 ක් ඉන්දීය අසාදු ලේකනයට

colombotoday

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ. – නිමල් ලාන්සා

colombotoday