Colombo Today Local News

යාපනයේ විරෝධතා.. TNA මන්ත්‍රීවරුන් පඹයින්ට අන්දා ගිනි තබයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන්ගේ රුව යොදා පඹයින් සාදා ගිනිතබමින් යාපනයේ තරුණයින් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

අදාල මන්ත්‍රී වරුන් විසින් යුද සමයේදී උතුරේ තරුණ තරුණියන් පිළිබඳ වැරදි ආකල්පයන් දරමින් ප්‍රකාශයන් සමාජ මාධ්‍යට පැවසීම හෙලා දකිමින් එම ප්‍රකාශයන්ට විරෝධය පා යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් මෙසේ හිටපු මන්ත්‍රී වරුන්ගේ රුවට ගිනි තැබීම සිදු කරන ලදි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ උපන් ප්‍රදේශය වූ වඩමාරච්චි ප්‍රදේශයේම මෙසේ රුව යොදාගත් පඹයින්ට සෙරෙප්පු පහරදී ගිනි තැබීම සිදු කල අතර ගිනි තැබීම සිදු කල තරුණයින්ද හඳුනාගැනීමට නොහැකි අයුරින් මුහුණ ආවාරණය කරමින් ගිනි තැබීම සිදු කිරීමද විශේෂ විය.

-Lanka c news

Related posts

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

Air China ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි

Admin

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

colombotoday

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday