2 April 2025
Colombo Today Local News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සැපයෙන සේවාවන් දිස්ත්‍රික් කාර්යාල හරහා ලබා ගැනීමට ජනතාවට හෙට (11)දිනයේ සිට පහසුකම් සපයා තිබේ.

ඒ, කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග රට තුළ උද්ගතව ඇති තත්ත්වය මත එම ප්‍රධාන කාර්යාලය තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබීම හේතුවෙනි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෝටර් වාහන පැවරීම ඇතුළු ප්‍රධාන කාර්යාලය මගින් සපයන සේවාවන් රැසක් යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට යන කාර්යාල හරහා සැපයීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෙට (11)දිනයේ සිට ජනතාවට එම කාර්යාල මගින් සේවා ලබා ගත හැකි අතර ඒ සඳහා සතියේ දිනවල උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පහත සඳහන් දුරකතන අංක අමතා කලින් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු ය.

හම්බන්තොට – : 070-6354151, 070 – 6354152
අනුරාධපුරය – : 070- 6354153 , 070 – 6354154
යාපනය – : 070 – 6354155 ,070 – 6354156
කුරුණෑගල – : 070- 6354157 , 070 6354158
ගම්පහ – : 070- 6354159 , 070- 6354160

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුමේන්තුවේ වේරහැර ශාඛාව ද හෙට (11)දිනයේ සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී සේවාලාභීන් පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් එම ශාඛාව විවෘත කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් වේරහැර ශාඛාව මගින් සේවා සැපයෙන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන් සඳහා පමණි.

සේවය ලබා ගැනීමට පැමිණීමට පෙර කල්වේලා ඇතිව ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා වන දුරකතන අංක පහතින් දැක්වේ.

*විමසීම් – : 0706354121

*විභාග සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දින හා වේාවන් ලබා ගැනීම – : 070 6354 122

*ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ලබා දී තිබූ අයදුම්කරුවන් හට නව දින හා වේලාවන් ලබා ගැනීම – : 070 6354123

*නව රියැදුරු බලපත් ලබා ගැනීම, රියැදුරු බලපත් අලුත් කිරීම, සං‌ශෝධනය කිරීම හෝ රියැදුරු බලපත් සම්බන්ධ වෙනත් විමසීම් – : 070 6354124

*බර සහතික හා වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් – : 070 6354125

තව ද අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව සේවා ලබා ගැනීම සඳහා කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, සේවා ලබා ලැබීමට පැමිණෙන සේවාලාභීන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද තරයේ පිළිපැදිය යුතු බවත් අවධාරණය කෙරේ.

Related posts

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

ලිබියාවේ මැතිවරණ නිරීක්ෂණයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉල්ලයි

colombotoday

රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය අපයෝජනය කරලා “ඇමතිකමෙන් නෙරපනු” දොස්තර සංගමය වැඩ වර්ජණයක

colombotoday

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday