Colombo Today Local News

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

‘බටහිර රටවල් අපේ රටට කෙතරම් සම්බාධක පැනෙව්වත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් දවසකට එක වේලක් කාලා හරි අපි මේ රට ගොඩනඟමු’ යැයි කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ පැවැසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (03දා) කැලණිය රජ මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

වසර තුනහමාරක පමණ කාලයක සිට මෙරට මහ ජාතියට සහ සංස්කෘතියට සිදුකරන විනාශයත්, මේ රට බේරා ගත් උදාර රණවිරුවන්ට සිදු කරන බරපතළ මානසික කම්පනයත් පිළිබඳව අප්‍රමාණව කම්පාවට පත්ව සිටි බවද උන්වහන්සේ පැවැසූහ.

කෙසේ වුවත් එයින් රට බේරා ගැනීමට දෙවියන්ගේ ආශීර්වාදය හිමි වූවාක් මෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක් වී එකම අදහසකට පැමිණ මේ පරිවර්තනය සිදු කළ බවත් එය පෞද්ගලික සිතුවිල්ලක් නොව මේ රට වෙනුවෙන් ගත් දැඩි තීරණයක් බවත් සංඝරක්ඛිත හිමියෝ පෙන්වා දුන්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවැසූහ.

මේ සිදුවුණු පරිවර්නය කරණකොටගෙන මේ රටේ මහා සංඝයා වහන්සේ රටේ ජනතාව පුදුම විදියේ ශක්තියක් ආරෝපණය කරගෙන ජීවත් වෙනවා, අපිට නැවතත් පිළිසරණක් තියෙනවා කියලා. ගිය ආණ්ඩුවට මම පෞද්ගලිකව ඡන්දය ලබා දුන්නා. නමුත් පසුගිය රජය රටට කරපු විනාශය නිසා පෞද්ගලිකව මම දැන් ඒ රජයට කැමැති නැහැ.

පාර්ලිමේන්තුවේ හිස්ගෙඩිවලින් නොවේ කැමැත්ත බැලිය යුත්තේ රටේ ජනතාවගේ හිස් ගෙඩිවලිනුයි.

අද අපිට පුවත්පත්වලින් දැන ගන්න ලැබෙනවා බටහිර රටවල් අපේ රටට තහංචි පනවන්න යනවා කියලා. තහංචි දානවාට මම පෞද්ගලිකව කැමැතියි. තහංචි දැම්මාට පස්සේ තමයි මේ රටේ මිනිස්සු අවදි වෙන්නේ. එතකොට මේ රටේ මිනිස්සු මහන්සි වෙනවා. එතකොට රට දියුණු වෙනවා. කොච්චර තහංචි දැම්මත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් දවසකට තුන්වේලෙන් එක වේලක්වත් කාලා හරි අපි මේ රට ගොඩනඟමු.

පසුගිය කාලේ ස්වභාවධර්මය පවා මේ රජය සමඟ හිටියේ නැහැ. විපත්ති ආවා. දැන් හොඳට වැහැලා රට සශ්‍රීක කරන්න පුළුවන් පරිසරයක් පවා නිර්මාණය වෙලා තියෙනවා.

Related posts

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

සමන්කුලමේ විහාර බිමක බලහත්කාරයෙන් කෝවිලක් හදයි.. පරික්ෂාවට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදී එළවයි…

colombotoday

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

colombotoday

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

colombotoday

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

colombotoday