Colombo Today Local News

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (11) දිනයේ වාර්තා වූ කොවිඩ් -19 රෝගීන් 57 දෙනාත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2511ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනා ගැණුනු රෝගීන්ගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි සිව් දෙනෙකු සහ කුවේට්හි සිට පැමිණි එක් අයෙකු පළමුව හඳුනා ගැණුනි.

අනතුරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පස්දෙනෙකු හදුනාගත් අතර ඔවුන් රාජාංගනය, හබරාදූව, වැලිකන්ද සහ ලංකාපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජාංගනය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන්.

අවසන් වරට ඊයේ දිනයේ කොවිඩ් -19 රෝගීන් 43 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකු කන්දකාඩු මධ්‍යස්ථානයේ පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනෙක් 30 දෙනා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන්.

ඒ අනුව මේ වන විට දිවයින පුරා කොවිඩ්-19 රෝගීන් 520 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 1980 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday

මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි මැතිවරණයට

colombotoday

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

Admin

පේදුරුතුඩුව උතුරු මුහුදේදි කළ වැටලීමකදී මිලියන 71ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

colombotoday