කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී තිබෙනවා.
ඔහු මේ වන විට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කළේ.
ඔහු මීට දින දෙකකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.
මැදිවියේ පසුවන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිට ඇති බව ද වාර්තා වනවා.