Colombo Today Local NewsCovid 19featured

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

කොළඹ,ගම්පහ,පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක පනවා ඇති ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6ට ඉවත් කර දහවල් 12ට යළි පනවන බව රජය පවසනවා.

එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි 27වන දින පෙරවරු 6ට ඉවත් කරනු ඇති.

මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට  ඇඳිරි නීතිය යළි පනවනු ලැබෙනවා.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (23) දහවල් 2 සිට 26වන දින පෙරවරු 6 දක්වා බලපවත්වෙනු ඇති.

එය 26 දින උදෑසන 6ට ඉවත් කර යළි දහවල් 12ට පැනවීමට නියමිතයි.

මෙම කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර හිමි වනවා.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙනවා.

Related posts

මුසලිම් ජනතාවගේ කඩ සාප්පු හා දේපළ සුරක්ෂිත කර දෙන්න – බදුර්දීන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday

සිමෙන්ති සංස්ථාව කෝටි 7ක් අනවසරෙන් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා

Admin

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

පොහොර සහනාධාරෙට වෙච්ච දේ

Admin