Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති. “අමාත්‍යධූරවලින් ඉවත්වීම කිසිසේත් අනුමත කරන්නේ නෑ” – මහින්ද කියයි

ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන්, ඒ.ටී.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනෙක්ද, මහාචාර්ය ජී.එල්. පීරිස් හා මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

එහිදී අදහස් දක්වා ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එකවරම ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.

ජනවාර්ගික වශයෙන් නොබෙදී අන්තවාදය තුරන් කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළයුතු බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවී ඇති බැවින් තමන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ බවයි. අන්තවාදයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කරඇති එම මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්ව ජීවත්වන සමාජයක් බිහිකිරීම තම අපේක්ෂාව බවද සඳහන් කර ඇත.

Related posts

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

Admin

වසර හතක් සැඟවූ අපරාධයක් වෙනුවෙන් වෛද්‍ය තුෂ් යුක්තිය ඉල්ලයි

Charith Sankalpana

රසායනික පොහොර නැවත්වීමට ගත් තීරණයට ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානයෙන් ජනාධිපති ට ප්‍රසාදය.

colombotoday

පියාගේ වෑන් රථයට යටවී අවුරුදු 2ක් වයසැති දැරියක මරු දකී

colombotoday