Colombo Today Local Newsfeatured

මිළ වැඩිකරන තුරු කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි… රට පුරා කිරිපිටි හිගයක්…

රජය කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන්නේ නම් ඉදිරි සති දෙක තුනක කාලයේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති වනු ඇතැයි ද කිරිපිටි සමාගම් කිහිපයක ප්‍රධානීහූ රජයට අනතුරු අගවා ඇත.

කිරිපිටි සමාගම් වර්තමානයේදී මසකට රුපියල් මිලියන 30ත් 40ත් අතර පාඩුවක් ලබන බවත් කිරිපිටි මිල ගණන් රුපියල් 100කින් වැඩි කිරීමට රජය අවසර ලබා නොදෙන්නේ නම් ව්‍යාපාර කටයුතු නැවැත්වීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔවුහු කියා සිටිති.

මිළ ගණන් ඉහළ නැංවීම පිළිබදව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

Related posts

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේ

Admin

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

colombotoday

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි. | කරුණු සොයන්න ඥානසාර හිමිත් යති.

colombotoday

අති තරම් කන්න බොන්න දීලත් පන්දාහක්වත් කොළඹට ගේන්න බැරිවුණේ ඇයි? එජාප ප්‍රබලයන් කැළඹීමෙන්

colombotoday