ArticlesColombo Today Local News

මිසදුටු පවිටුන් නොදුටු යශෝදරා !

රංජන් රාමනායක කියන්නේ නූගත්කමටත් එහාගිය මොනතරම් කාලකන්ණි පාදඩයෙක් ද යන්න සමාජ ජාල අවකාශවල විසිරෙන හඬපට ඔස්සේ හදුනාගත හැකියි. නිළියක විසින් අයියා ඉන්න තැන කොතැනදැයි අසන ලද පැනයත් භාෂා සාක්ෂරතාවය නොදන්නා බබෙකුසේ ලිංගික අසහනයකින් තලු මරන රංජන් වැනි කාමාතුරයන්ට යශෝධරා වැනි උත්තම චරිතයක රුවගුණ හදුනාගත නොහේ. ඔහු සියලු ගැහැනුන් දෙස බලන්නේ නිදිවදින මනසින් බව දෙස් දෙන්නේ ඔහු කරන සංවාද තුළින්මයි. උපතින් කතෝලිකයකු වී ක්‍රිස්තු ධර්මය විෂයද අසමත් වූ මේ නූගතාට කිසිසේත්ම බුදුදහම හෝ බෞද්ධ සාහිත්‍යයයේ එන ශ්‍රේෂ්ඨ චරිත පිළිබඳ අවබෝධයක් තිබිය නොහැකියි. එවැන්නෙකුට සිදුහත් යශෝදරා වැනි උත්තම චරිත අවතක්සේරු කරමින් අල්ලාප සල්ලාපයේ යෙදිය හැක්කේ ඔහු තරම්ම බුද්ධිහීන කෙනෙකුට පමණි. එහෙත් තමන් හරිහමන් නොදන්නා දහමක එන ශ්‍රේෂ්ඨ චරිත විවිධ අවලාද නගමින් ඝාතනය කිරීමට ආගමික සංහිදියාව අගයන සමාජයක් ඔහුට ඉඩදිය යුතුද ? සමස්ත සමාජයක් පිළිකුල් කරන මෙවැනි පාදඩ චරිත කෙරෙහි ආණ්ඩුවට ගත හැකි නෛතික පියවරක් නැද්ද ?

සිදුහත් යශෝදරා ගැන මේ අල්පශුැත මෝඩයා දන්නේ කුමක් ද ? යශෝධරා සත පහකට විශ්වාස නොකළයුතු බවත් ඇය සිදුහත්ට ගිහිගෙය හැර නොයන්නැයි පැවසු බවත්, බුද්ධත්වය ලැබීමට උදව් නොකළ බවත් යශෝධරාට ඇත්තේ දෙව්දත්ගේ ජාන බවත් පවසන හඬ පටයේ මෙහි සදහන් කළ නොහැකි තවත් අසික්කිත අවලා ද තිබේ. බෞද්ධන්ගේ වැදගත්ම කාන්තා පරමාදර්ශී චරිතයක් පව්කාරයකුගේ මුවින් කෙලෙසෙන විට ඇය කෙබදු චරිතයක් දැයි පහන් සංවේගයෙන් ලියා තබන්නට කැමතියි.

යශෝදරා යනු දීපංකර බුදුන් සමයේ සිටම සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වූ භවය දක්වාම සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පුරා පාරමිතා පුරමින් ආ ගමනේ ඒ හා කැටුව ආ පාදපරිචාරිකාවයි. දීපංකර බෝධිමූලයේ දී සිදුහත් කුමාරයා සුමේධ තවුසා ලෙස අනාගතේ බුද්ධත්වය ලබන ප්‍රාර්ථනාවත් යශෝදරා දේවිය එකළ සුමිත්තා ලෙස ඉපිද සුමේධ තාපසයාගේ බිරිද වී ඊට සහය වීමටත් ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රර්ථනාවට අනුව යුග යුග ගණන් නොබිඳෙන සෙනෙහසින් ඇය ආවේ ම තම ස්වාමියාට අවශ්‍ය බුද්ධත්වයට පත්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට සහය වීම පිණිසයි. ඊට ශක්තියක් වීම පිණිසයි. සිදුහත් කුමරුන්ට යශෝධරා වැනි බිරිදක් හමු නොවන්නට බුද්ධත්වයට පත්වීම පවා තවත් කල්පයක් දෙකක් පමාවෙන්නට ඉඩතිබුණි. එත් යශෝදරා හැම පාරමිතාවක්ම පුර්ණය කරගැනීමට ඉඩ දෙමින් අප්‍රමාණ කැප කිරීමක් කළාය. සාමාන්‍ය ගැහැනියක් සතු ගුණයෙන් හැමවිටම ඇය වෙනස් වූවාය. තම ස්වාමියා බුදුබව පතා කළ හැමකක්ම ඈ උපේක්ෂාවෙන් ඉවසුවාය. ඒ සියල්ල අසාමාන්‍ය පපුවකින් විඳ දරා ගත්තාය. අදටත් ඇය කාන්තා පරමාදර්ශය වන්නේ එනිසාය.

මේ යන ගමනේ කෙදිනක හෝ එක භවයක දී සිදුහත් කුමරු තමන්ව හැර යන බව කාටත් වඩා හොදින් යශෝධරා දන්නීය. එය ඔවුනොවුන්ගේ ඉරණම, ප්‍රර්ථනා, අනුව වියයුතුව තිබුණකි. රංජන් රාමනායක වැනි මෝඩ නූගතුන්ට යශෝදරා කවුදැයි දැනගැනීමේ අවංක චේතනාවක් ඇත්නම් අපදාන පාලියේ තේරී අපදානවල එන යශෝධරා ථේරී අපදානය කියවා තම හිස්කමට යමක් එකතුකර ගත හැකියි. සිදුහත් කුමරු ගිහිගෙය හැර යනවිට ඇයට මාලිගා තුනක සම්පත් තිබුණද, භව-භව ගණන් නෑර කැටුව ආ ගමනක මේ වෙන්වීම නිසා ඇයට ශෝක සංහිදෙන් ළයද තෙත්වූ බව සැබෑය.ඒත් තමනුත් තම දරුවාත් සසර දුකින් මිදුනේ ඒ අත්හැර යාම නිසාය. ඇය අභිඥාලාභීන් අතර අග්‍ර වූවාය. ඒ හැර නිවනින් නිවුනෝ තවත් බොහෝ ය. මෙවන් පරාර්ථ චර්යාවක් අවප්‍රමාණ කිරීමට රංජන් වැනි රතිකාම හාමතයෙන් පෙළෙන්නෙකුට ඇති අයිතිය කුමක් ද ?

– රත්තනදෙණියේ මේධානන්ද හිමි

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

Admin

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

colombotoday

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday