Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 101 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඊයේ (05)දින ලැබුණු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සේවය සඳහා පැමිණි පිරිස් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ඊයේ පස්වරුවේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඊට අමතරව දිවුලපිටිය, මීරිගම, ජා ඇළ, මහර, සීදුව සහ කටාන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආයතනයේ නිවාඩු ගොස් සිටි කුරුණැගල – කටුපොත, මොනරාගල – මැදගම, යාපනය – වේලනෙයි ප්‍රදේශවලින්ද ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඊයේ සමස්ථ ආසාදිතයින් 101 දෙනා අයි.ඩී.එච් ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් වෙත යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 16 හැවිරිදි දියණිය කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් පසු අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සෙසු සේවකයින් පී.සි.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

මේ අතර 16 හැවිරිදි දියණිය ඉගෙනුම ලැබූ පාසලේ සිසුන්, ගුරුවරුන් ඇතුළු ආශ්‍රිතයින් සහ තවත් සේවක පිරිස්වල පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් වීමට නියමිතය.

සිද්ධියට අදාළව 2000කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවන කොවිඩ්-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙන්කොට තිබේ.

සැකසහිත රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීම සඳහා ගම්පහ රෝහල යොදා ගැනීමටද තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල පී.සි.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමටද තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුද කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3513ක් වේ.

Related posts

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන ‘යුනිසෙෆ්’ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි.

colombotoday

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම්

colombotoday