Colombo Today Local News

මින් ඉදිරියට ශිෂ්‍යත්වය අනිවාර්ය විභාගයක් නොවේ. චක්‍රලේඛය නිකුත් වෙයි.

දරුවන් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නියමිත ආදායම් සීමාවට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහාත්, පාසල් වල 6 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීම සඳහාත් පස්වන ශ්‍රේණය ශිෂ්‍යත්ව විභාගය පරීක්ෂණයක් වශයෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.

බොහෝ අවස්ථාවලදී අඩු ආදායම්ලාභී ශිෂ්‍යාධාර ලබා ගත යුතු පවුල්වල දරුවන්ටත් වඩා ප්‍රධාන ජාතික පාසල්වල සිසුන්, ශිෂත්වය විභාගය සම්බන්ධයෙන් විශාල පීඩනයකට හසුවන බවයි ඔවුන්ගේ නිගමනය වී තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන ආදායම් සීමාවට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් හැර අනෙකුත් සියලු ම සිසුන් එම පරීක්ෂණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 08/2019 චක්‍රලේඛයෙහි දක්වා තිබේ.

ඒ අනුව සිසුන්ට තම අභිමතය පරිදී මව්පියන්ගේ ද කැමැත්ත මත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකිවනු ඇති අතර යම් අවස්ථාවකදී 5 ශ්‍රේණියෙන් අවසන් වන ප්‍රාථමික පාසලක සිසුවෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටි අවස්ථාවක දී ඔවුන් සඳහා ප්‍රදේශයේ පාසලක් ලබා දීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පවරා තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

colombotoday

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

Video: තව්හිඩ් ජමාඩ් රාසික් යනු කියනදේ අහන්නේ නැති පිස්සෙක් – උලමා සංවිධානය කියයි

colombotoday

නිරෝධායනයට යොමුකලේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ ලිඛිත නියෝග මතයි. – මහජන ආරක්ෂක ඇමති කරුණු පහදයි

colombotoday