Colombo Today Local News

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

කැලණිය පොලිස් වසමේ තල්වත්ත, ගෝනවල ප්‍රදේශයේ දී‍ තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (15)දින රාත්‍රී 8.30ට පමණ මෙය සිදු ව ඇත.

ගෝනවල ප්‍රදේශයේ කුලී කාමරයක පදිංචි ව සිටි මිතුරන් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙය සිදුව ඇත.

එහිදී එක් අයෙකු විසින් අනෙක් තැනැත්තාට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇත.

තුවාලකරු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට කැලණිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පිහිපහරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වු ගල්ලූල්ල වත්ත, මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් දෙදෙනා රැකියාවක් සොයා පැමිණ මෙලෙස කුලී පදනම මත නතර ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (16) දින මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

රාජකාරියේ නිරතව සිටි ට්‍රැෆික් නිලධාරියා ව මෝටර් රථයක් හප්පලා

colombotoday

කතරගම චාරිකාවක ගිය නවගමුවේ නඩයට වැල්ලවායේ ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වා දුන් සංග්‍රහය (PHOTOS)

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට ගැනීම ජුලි 19, 20

colombotoday