Colombo Today Local News

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් – නීතිපති මැකෝ ට දන්වයි

මැතිවරණ පනතේ ප‍්‍රතිපාදන අනුගමනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඊයේ (04) දැනුම් දුන්නේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගැනීම යෝග්‍ය බව ද නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාට උපදෙස් ද ලබාදී ඇත.

මහ මැතිවරණය සඳහා දින නියම කර තිබිය දී රට තුළ හදිසියේ උද්ගත වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය නිවාඩු දිනයන් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙන අතර තුර නාමයෝජනා භාර ගැනීමේ යම් නීතිමය දෝෂයක් ඇත්දැයි තමන්ට උපදෙස් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම කළ ඉල්ලීම එක් දිනක් තුළ සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අදාල උපදෙස් ලබා දී තිබිණි.

මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර නාමයෝජනා පත‍්‍ර භාර ගැනීමට කටයුතු කරමින් තිබිය දී පසුගිය මාර්තු 17, 18, සහ 19 දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

එසේ තිබිය දී මහ මැතිවරණයට අදාල නාම යෝජනා රජය විසින් භාර ගන්නා ලද අතර ඒ පිළිබඳව විවිධ පාර්ශව විවිධ තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

එම කරුණු සැලකිල්ලට ගත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහි ඇති නීතිමය පසුබිම පසුගිය 3 වැනිදා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා මසේ දැනුම් දී තිබිණි.

Related posts

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin

“ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

colombotoday

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday

මඩ පුවත් පලකර ඒවා ඉවත් කරන්න “ලංකා ඊ නිව්ස්“ කප්පම් ඉල්ලයි – වෛද්‍ය පාදෙනිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක

colombotoday

නිල්වලා ගගේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීම හෙට සිට ඇරඹයි

Admin