Colombo Today Local News

මැතිවරණයෙන් දෙවැනියාට කිට්ටු කරන්න බැරි අලුත් වාර්තාවක් තබමින් ජය ගන්නවා

අගෝස්තු 5 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් තමන් දෙවැනියාට කිට්ටු වෙන්න බැරි තරමේ ඉතිහාසගත වන ජයග්‍රහණයක් ලබමින් අලුත් වාර්තාවක්ද තබමින් පොළොන්නරුවෙන් ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ දී පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

පොළොන්නරුවට විශාල වැඩ කොටසක් කර ඇත්තේ තමනට බැන බැන යන මහත්තයා නොව මෛත්‍රීපාල සිරිසේන වන තමන් බව ජනතා හදවත්වල ඇතැයිද ඔහු සඳහන් කරයි.

පොලොන්නරුවට ඩී එස් සේනානායක අගමැතිගෙන් පසුව මහා සංවර්ධනයක් ගෙන ආවේ තමන් බව ද ඔහු පවසයි.

මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට කළේ මොනවාදැයි විවේකීව පුටුවක් උඩ වාඩිවී සිටිමින් කල්පනා කරන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

Related posts

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට ලබන සතියේ විශේෂ චක්‍රලේඛයක්

colombotoday

මන්ත්‍රී අතුකෝරාල ඝාතනයේ CCTV දර්ශන එළියට!

colombotoday

මාසයක් තුළ බන්ධනාගාර 28කින් දුරකථන 1102ක් සමග හෙරොයින් ග්‍රෑම් 116ක් සොයා ගනී

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

පොල්ගස් – කැපීම තහනම් ගස් ලයිස්තුවට

colombotoday