World

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

කොරෝනා වයිරසය හේතුවෙන් තමන් මිය යාවි දැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා සමීපතම ආධාරකරුවන්ගෙන් විමසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටින ඇමරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇතැයි ද විදෙස් මාධ්‍ය වල සඳහන්ය.

ඔහුගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වන තවත් පැහැදිලිව නොමැති බවත් ඔහුට ඉදිරි පැය කිහිපය ඉතා වැදගත් බවත් එම වාර්තා සඳහන් කරයි.

බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරමින් ද ඇත්තේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නැති බවයි.

කොරෝනා ආසාදිත 74 වයසැති ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් වෛද්‍යවරුන් සහ හෙදියන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා යොදවා ඇත.

මේ අතර ජනාධිපතිවරයා රෝහලේ සිට රාජකාරි කරන ආකාරය සදහන් පින්තූර පෙලක් ධවල මන්දරිය වෙතින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Related posts

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

2021 ලෝක රූ රැජින තරගාවලිය නවතී

colombotoday

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

නිරෝධායන නීති කැඩූ අයෙක් වෙඩි තබා මරා දමයි. පිලිපීන ජනාධිපතිගේ නියෝගයට අනුව පොලිසිය ක්‍රියා කරයි.

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයි

Admin