Colombo Today Local News

මාස 4කදී මාර්ග අනතුරුවලින් 736කු මරුට

2020.01.01 සිට 2020.04.30 දක්වා කාලය තුළ සිදුවු මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 736ක් මිය ගොස් ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් – 19 වසංගත කාලය තුළ පැවැති ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු මස සිට මැයි මස දක්වා කාලය තුළ දිවයිනේ මාර්ග අනතුරුවල අවමවීමක් පෙන්නුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

2020.01.01 සිට 2020.04.30 දක්වා කාලය තුළ සිදුවු මාර්ග අනතුරු පිළිබඳ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් මහතාට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව එකී කාලය තුළ මාර්ග අනතුරු නිසා මියගිය සංඛ්‍යාව 736කි.

ඒ අතරින් පදිකයින් 223, යතුරු පැදිකරුවන් 255, පසු පැදිකරුවන් 39ක්, රියදුරන් 58ක්, මගීන් 104ක්, පා පැදිකරුවන් 56ක් හා වෙනත් 01 ද වශයෙන් මරණ වාර්තා වී තිබේ.

2019 එකී කාල සීමාවට සාපේක්ෂව ගත් කළ මාර්ග අනතුරු නිසා මරණ 1006ක් වාර්තා වී තිබේ.

කෙසේ වුවද වසර දෙකේ දත්ත සන්සන්දනය කරන විට කොරෝනා ඇඳිරි නීතිය පැවැති කාලය තුළ මරණ 270ක අවම වීමක් පෙන්නුම් කර ඇත.

නමුත් ඇඳිරි නීතිය ඉවත් වීමත් සමඟ වර්තමානය වන විට නැවතත් මාර්ග අනතුරු මෙන්ම ඒ නිසා සිදුවන මරණ හා බරපතළ තුවාල සිදුවීම් ඉහළ යමින් පවතී.

අප රටේ මේ වනවිට භාවිතා කරන වාහන සංඛයාව 80,95.224කි.

ඉන් සියයට 70ක්ම යතුරු පැදි හා ත්‍රිරෝද රථ වීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද යළිත් මාර්ග අනතුරු දිනපතා වැඩිපුර වාර්තා වෙමින් තිබෙන බැවින් මාර්ග අනතුරු වළක්වා ගැනීමේ වැඩසටහන් හා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් වහාම අරඹන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (19)දින මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික සභාවට උපදෙස් දෙනු ලැබීය.

Related posts

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

සාම්පල 88කින් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6ක් හඳුනා ගැනේ

colombotoday

පරාක්‍රමබාහූ රජුගෙන් පසු සහලින් රට ස්වයංපෝෂිත කලේ මමයි…

colombotoday

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

පුංචි ඡන්ද ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත්, අනාගතයක් එකවර වෙනස් කරයි…

colombotoday