Colombo Today Local News

මාව මරන්න හදනවා…

මාකඳුරේ මධුෂ් හා කංචිපාන ඉම්රාන් යන පාතාල සාමාජිකයන් සමග තමන්ගේ හිතවත්කමක් ඇතැයි පෙන්වා තම ජීවිතයට හානියක් සිදු කිරිමට පිරිසක් කුමන්ත්‍රණයක් සිදුකරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (28) පැවසීය.

මධුෂ්ට විරුද්ධ පාතාල කල්ලි ලවා තමන්ට අනතුරක් සිදුකිරීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී තිබෙන බවත්, මේ සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසයට, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට සහ කථානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම කුමන්ත්‍රණකරුවන් විසින් මධුෂ් හා ඉම්රාන්ගේ මුහුණු සමග තමන් ඇතුළත් ඡායාරූපයක් සකස් කර කංචිපාන ඉම්රාන් තමන්ට අයත් ගොඩනැගිල්ලක විවිධ කටයුතු සිදුකරන බවට ව්‍යාජ කරුණු ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙන බවද ඒමහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව පසුගිය දිනකදී මරණීය තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව නීතිමය පියවර ගන්නැයි අදාළ පැමිණිලි මගින් ඉල්ලා සිටි බවත් හෙතෙම පැවසීය.

Related posts

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin

බොර තෙල් මිල පහළට

Admin

“සත්තුත් කරනවනම් අපට බැරි ඇයි.. සමලිංගික අයිතිය අපටත් ඕන“ – මහාචාර්ය දීපිකා

colombotoday

ඉන්දීය ණය යෝජනා යටතේ ලැබෙන ඖෂධ රැගත් නැවක් අද දිවයිනට

colombotoday