Colombo Today Sports News

මාලිංගගේ විශිෂ්ඨ අවසන් ඕවරය නිසා IPL ජය මුම්බායි ඉන්දියන්ස් පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි  ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

ඒ හයිද්‍රාබාද්හි ඊයේ (12දා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමිනි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි.පි.එල්. කිරුළ හිමිකර ගත්තේ සිවුවැනි අවස්ථාවට වන අතර එය කණ්ඩායමක් අයි.පී.එල්. කිරුළ වැඩිම අවස්ථාවක් ජයග්‍රහණය කළ අවස්ථාවද වෙයි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 149/8ක් රැස්කර ගත් අතර එයට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 148/7ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි. කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණ 7ක් පමණි.

මාලිංගගේ පළමු පන්දුවට එක් ලකුණක්, දෙවැනි පන්දුවට එක් ලකුණක් හා තෙවැනි පන්දුවට ලකුණු 2ක් චෙන්නායි රැස්කළේය. කසේ වෙතත් සිව්වැනි පන්දුවේදී එතෙක් චෙන්නායි කණ්ඩායම වෙනුනේ හුදෙකලා සටනක නිරතවෙමින් තරගය ඉදිරියට ගෙන ආ ෂේන් වොට්සන් දුවද්දී දැවී යාමකට හසුකර ගත් අතර එහිදී චෙන්නායි කණ්ඩායමට හිමිවූයේ එක් ලකුණකි. වොට්සන් ලකුණු 80කට දැවී ගියේය.

පස්වැනි පන්දුවට තවත් ලකුණු දෙකක් රැස්කළ අතර අවසන් පන්දුවේදී තවත් ලකුණු දෙකක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණි එක් ලකුණක් රැස්කළා නම් සුපරි න පන්දුවාරයකට යොමුවිය යුතුව තිබුණි. කෙසේ වෙතත් අවසන් පන්දුවට මුහුණ දුන් ඨාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මාලිංග සමත්විය.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවරද කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

Related posts

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද

colombotoday

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට

colombotoday

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

ධනුෂ්ක,කුසල්,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයකට

colombotoday

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin