Colombo Today Local News

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාව සහ මානව හිමිකම් කොමසාරිස් වාර්තා ප්‍රතික්‍ෂේප කිරීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි ‘දිවයින ඉරිදා’ වාර්තා කරයි.

මේ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ‘‘ඉරිදා දිවයින සංග්‍රහය’’ට ප්‍රකාශ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානය සමග පැවැති සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ ක්‍රියාදාමය ඉටු කරන බවට ප්‍රතිඥා දුන් බවද හෙතෙම කියා සිටියි.

2015 වසරේදී ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය පළ කිරීමට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මහතා ඇමරිකානු රජයට එකග වූ බවත් එහි ප්‍රතිඵලයක් වූයේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56 කට යුද අපරාධ චෝදනා එල්ල වී ඔවුන්ට විදේශ රටවල්වල සංචාරය කිරීමට නොහැකි වීම බවත් එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

මෙම ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබාදීම සඳහා මංගල සමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවසර ගෙන නොතිබූ බවත්, මෙම එකඟතාවය නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ චෝදනා විභාගයට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස් දී තිබු බවත් ‘දිවයින’ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ.. නාය යෑමේ අවදානමත් එහෙමමයි..

colombotoday

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි

colombotoday

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

colombotoday

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday