Colombo Today Local News

මහින්දට තිබෙන දේශපාලන පෞරුෂත්වය ජනපති මෛතී‍්‍රට නැහැ – ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි

බලය ලැබුණාම යටගිය දේවල් අමතක වෙනවා. එය මනුෂ්‍ය ස්වභාවයක්. අද දේශපාලනඥයෝ හැසිරෙන්නෙ පැස්බරා වගෙයි. දේශපාලන වාතාවරණය ඉතා සංකීර්ණයි. එක් පක්ෂයක් පමණක් සතුටු කරලා රටේ පාලනය ගෙනියන්න බැහැ. මහින්ද රාජපක්ෂගේ තිබෙන දේශපාලන පෞරුෂත්වය අද මෛති‍්‍රපාල සිරිසේනට නැතැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
 
 ඔහු එලෙස පැවසුවේ ‘ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය පරදවන විද්වත් කතිකාව’ යන මතෘකාව යටතේ මීගමුවේ පැවති විශේෂ සම්මන්ත‍්‍රණය අමතමිනි. මීගමුව එ. ජා. පක්ෂ ප‍්‍රධාන සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර රොයිස් විජිත ප‍්‍රනාන්දු සහ එ. ජා. පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මීගමුවේ ශෙරි ලෑන්ඞ් සංචාරක හෝටලයේදී 2 දා පැවැත්විණි.
 
 මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ව්‍යවස්ථාවට ඔබ්බෙන් ගිහින් දේශපාලන අර්බුදයක් රටේ පවතින්න බැහැ. රටේ පවතන දේශපාලන අර්බුදකාරී ස්වභාවයට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සෘජුව වගකිව යුතුයි. පවතින මේ ප‍්‍රශ්නයට විසඳුම ව්‍යවස්ථාවෙන් පමණක් පිළිගන්න බැහැ. පවතින අර්බුදය දේශපාලන ආචාර ධර්්මවලට විරුද්ධයි. මෙය ව්‍යවස්ථාව අවභාවිත කිරීමක්. ජනාධිපතිවරයාට ඡුන්දය දුන්න ජනවරමේ අපේක්ෂාවන් ඉටු කිරීමට ඔහු බැඳී සිටිනවා. ජනවරමට පිටින් ගොස් කි‍්‍රයා කරන්න ජනාධිපතිවරයාට වරම් නැහැ. අපි ගිය ආණ්ඩුව පෙරළුවේ මෛති‍්‍රපාල සිරිසේනගේ පෞද්ගලික මතය නිසා නෙවෙයි. අපි ආණ්ඩුව පෙරළුවේ ආණ්ඩු නරක නිසයි. ඡුන්ද දායකයන් දැන් බුද්ධිමත් දේශපාලන පක්ෂවලට ගැති වී ඡුන්ද දෙන්නේ නැතැයි ඔහු තවදුරටත් පැවසීය.
 
 මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නෙ නිර්භීත තීරණ නොගැනීමයි. එදා සෝභින නායක හිමියන් සමඟ අත්සන් කළ ගිවිසුම මෛති‍්‍රපාල සිරිසේන අමු අමුවේ කඩ කළා. එදා දුන්න පොරොන්දුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක‍්‍රමය අපේ රටට අහිතකර බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින්ම ජනතාවට ඔප්පු කර පෙන්නුවා. මෛති‍්‍රපාල සිරිසේන පරාජය කළ යුතුයි. ඔහු රාජ්‍ය පාලනයට සුදුස්සකු නොවෙයි. පැවති ආණ්ඩුව පරාජය කළේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් ඒකාධිපතිවාදයට යෑමට නිසා යැයි ඔහු පැවසීය. මෙහිදී පාර්ලිම්න්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා ඇතුළු කථිකයන් කිහිපදෙනකු ද අදහස් දැක්වූහ.

Related posts

“ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම”

colombotoday

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday