Colombo Today Local News

මහමැතිවරණය දිනා අගමැති ධුරය භාරගෙන පියා එකල දැරූ සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගන්නා බව සජිත් කියයි

තමන්ට පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ලබාදුන්නේ තම පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවන ලද අමාත්‍යාංශයෙන් හයෙන් එකක සුළු කොටසක් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එළඹෙන පස් වෙනිදා මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අගමැති ධුරය භාරගන්නා විට තම පියා විසින් එකල දරන ලද සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගෙන නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳා විප්ලවයක් කරන බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවති ජන හමුවක් අමතමිනි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක මරික්කාර් මහතාට තම ආණ්ජඩුව යටතේ ප්‍රබල ඇමති ධූරයක් ලබාදෙන බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

colombotoday

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කසිප්පු විකිණු කතකගෙන් කප්පම් ගත් හමුදා බුද්ධි නිලධාරීන් හතරක් අත්අඩංගුවට

colombotoday

එජාපයේ විවේචනවලට විරෝධ පා ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

colombotoday

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday