Colombo Today Local News

“මම සාමාන්‍ය පෙළ ලියනකොටත් එජාප නායකයා රනිල් මහත්තයා.. මේක හැමදාම කරන්න බෑ” – හරීන්

එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වන විට තමන් සාමාන්‍ය පෙළ ලියා තිබුණේ නැතැයි ද පක්‍ෂයේ දැවැන්ත වෙනසක්‌ සිදුවිය යුතු බව තමන් විශ්වාස කරන බවද විදේශ රැකියා ප්‍රවර්ධන සහ විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස්‌ පැවසුවේ ඉකුත් 17 දා ගාල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මම හැමදාම කීවේ ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්‌ තුන් පාරක්‌ අගමැති වෙච්ච කෙනෙක්‌ හැටියට විශ්වාස භංගයෙන් අගමැතිවරයා බේරෙන්න ක්‍රමවේදයන් දන්නවා. මම එක්‌සත් ජාතික පාක්‍ෂිකයෙක්‌ මොන අර්බුද තිබුණත් අපේ පක්‍ෂයේ නායකත්වය අපි රැකලා තියෙනවා.

අපේ අර්බුද අපි ඇතුලේ විස¹ ගන්න ක්‍රමවේදයක්‌ අපි හදලා තියෙනවා. මම විශ්වාස කරනවා නැවත වතාවක්‌ මේ විශ්වාස භංගය තීරණය කරයි මේ ආණ්‌ඩුව කොයි විදියටද යන්නේ කියන එක පිළිබඳව. මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් පෙරේදා අපි දීර්ඝ සාකච්ඡාවක්‌ කරා. අපි විශ්වාස කරනවා ලොකු වෙනසක්‌ වෙයි කියලා අලුත් ක්‍රමවේදයක්‌ අලුත් වගකීමක්‌ භාර දෙයි කියලා.

මොකද නායකත්වයත් තේරුම් ගත යුතුයි මේක හැමදාම කරන්න බෑ කියලා. නායකයා නායකයා වන විට මම සාමාන්‍ය පෙළ ලියලා තිබුණෙත් නෑ. ඒක විශාල දීර්ඝ කාලයක්‌. මේ තත්ත්වය වුණත් තේරුම් අරන් ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි හිතනවා එතුමා කලබලයක්‌ නැතිව නියමිත වෙලාවට යශ්ටිය හුවමාරු කරන්න එතුමා කටයුතු කරයි කියලා. තව අවුරුදු එකහමාරක්‌ තියෙනවා ඉතින් ඒ වෙනකොට යශ්ටිය නියම විදියට හුවමාරු වෙයි කියලා අපි විශ්වාස කරනවා.

-දිවයින

Related posts

ගල් අගුරු මාෆියාව මිලියන 4000 ක් ගිල්ල හැටි හෙළිවෙයි

colombotoday

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday

සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයට අරක් ගනී.. මහින්දට ඉඩ නෑ…

colombotoday

වසර හතක් සැඟවූ අපරාධයක් වෙනුවෙන් වෛද්‍ය තුෂ් යුක්තිය ඉල්ලයි

Charith Sankalpana

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

colombotoday

ව්‍යවස්ථාව හදන හැටි කියන්න ස්වීස්/දකුණු අප්‍රිකා ෆෙඩරල් විශේෂඥ කමිටුවක් එයි!

colombotoday