Colombo Today Local News

මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගන්න රාති‍්‍රයේ නොව දහවල් යන්න – කථානායක පක්‍ෂ නායක හමුවේදී කියයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගැනීම රාති‍්‍ර කාලයේ කලබල ඇති කරමින් සිදුකරනවාට වඩා දහවල් කාලයේදී නියමිත ක‍්‍රමවේද අනුගමනය කරමින් සිදුකරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පක්‍ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව දැනුවත් කර ඇත.

පක්‍ෂ නායක රැුස්වීම ඊයේ පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදී හෙතෙම මෙම දැනුවත් කිරීම කර තිබේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගන්නා විට අනුගමනය කළ යුතු සම්ප‍්‍රදායන් උල්ලංඝනය වී ඇති බව ඊට සහභාගී වූ පක්‍ෂ විපක්‍ෂ සියලූ මැති ඇමැතිවරුන්ගේ අදහස වී ඇත.

ඒ අනුව මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කි‍්‍රයා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කථානායකවරයා වෙත කැඳවා දැනුවත් කිරීමටද එහිදී තීරණය කර තිබේ.

පාඨලී චම්පික මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකවරයා දැනුවත් නොකොට ඒ මහතාගේ නිවසට යෑමෙන් පසු එහිදී ඇතිවූ තත්ත්වයෙන් අනතුරුව පොලිසිය මේ පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා දැනුවත් කර ඇතැයිද මෙහිදී කථානායකවරයා පවසා ඇත.

පසුගිය ආණ්ඩුව සමයේ එලෙස මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගත්තේ කථානායකවරයා නිසි ලෙස දැනුවත් කිරීමෙන් පසුව බවද කථානායකවරයා මෙහිදී ආණ්ඩුවේ පක්‍ෂ නායකයන්ට පෙන්වාදී තිබේ.

එදා විපක්‍ෂයේ සිිටියදී මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගන්නා විට කථානායකවරයා දැනුවත් කොට නිසි පිළිවෙළකට ඒවා සිදුකරන ලෙස වැඩියෙන්ම හඬ නැඟුවේ ඔබ නේදැයි ඊට සහභාගිවී සිටි දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාගෙන් කථානායකවරයා විමසා ඇත.

මේ අතර ඊයේ පක්‍ෂ නායක රැස්වීමේදී ලබන ජනවාරි 3 දා ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකිරීම ඇතුළු සභවේ ආරම්භක කටයුතු සම්බන්ධවද සාකච්ඡා වී තිබේ.

විපක්‍ෂ නායක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීම, නව මන්තී‍්‍රවරයකු දිවුරුම් දීම ඇතුළු අනෙකුත් කාරණා සිදුවන ආකාරය සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

Related posts

වද සැත්කම් චූදිත දොස්තර : ඉක්මනින් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday

පොදුජන පෙරමුණු රැලියට ජනාධිපතිතුමන් මහනුවරට. කම්කරු කොන්ග්‍රසයේ අරුල්සාමි “තිරසාර සංවර්ධනයේ දැක්ම” පිළිගන්වයි

colombotoday

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

colombotoday

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

colombotoday

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

colombotoday