Colombo Today Local News

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ  මධුෂ්ගේ  අනියම් බිරිඳ යැයි පවසන කාන්තාවකගේ  පුංචි අම්මාගේ  නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන KDH වෑන් රියක් හා ප්‍රාඩෝ ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිය භාරයට ගෙන තිබේ .

 කැලණිය, ගෝනවල නිවසක තිබී මෙම වාහන  සොයාගෙන ඇත.

මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අයගේ මවගේ නමට (ඇය මියගොස් තිබේ) වෑන් රිය ලියාපදිංචි කර තිබී අතර තවත් ජීප් රථය ඇයගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර ඇති  බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මීට පෙරද මාකඳුරේ මධූෂ්ගේ නමට තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

අයවැයට පෙර මුදල් ඇමති IMF ලොක්කෝ හමුවෙති… හිම කුණාටුවලින් බාධා….

colombotoday

ජවිපෙ පට්ට හොරු.. අනුර කුමාර ඔය නිකන් අපි එක්ක හිනා වෙවී ඉන්නව.. උදේට බනිනව – මුදල් ඇමති

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

Admin

අරන්තලාවේ භික්ෂු ඝාතනයට වසර 31යි / කුල දරුවන් 31ක් සසුනට

colombotoday

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin