Colombo Today Local News

“මධුෂ්ලා ලග මත්ද‍්‍රව්‍ය තිබිලා නෑ, බීලා විතරයි, මං එයාලව බේරගන්නවා” – නීතිඥ උදුල් ප්‍රේමරත්න

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ්, අමල් පෙරේරා, රයන් වෑන් රූයන් ඇතුළු කිසිවෙකු ලග මත්ද‍්‍රව්‍ය තිබූ හසු වී නැති බවත් ඔවුන් කර ඇත්තේ මත්ද‍්‍රව්‍ය භාවිත කිරීම පමණක් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතීඥ උදුල් පේ‍්‍රමරත්න මහතා පවසයි.

අත්අඩංගුවට ගෙන සිටින එම පිරිස වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඩුබායි බලා ගොස් සිටින ප්‍රේමරත්න මහතා මේ බව සඳහන් කළේය.

තමන් උත්සාහ කරන්නේ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් පොලීසියට කරුණු ඉදිරිපත් කර නිදහස් කරගැනීමට යැයි ද ඔහු සඳහන් කරයි.

තමන් අද දිනයේ පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටී

මත්ද්‍රව්‍ය චෝදනා වලට කිසිවකු හෝ අධිකරණයට ඉදිරිපත් කළහොත් එරට නීතිය අනුව අඩුම වශයෙන් වසර තුනක් සිර දඬුවම් හිමිවන බවත් ඔහු සඳහන් කරයි.

Related posts

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – කුඩා රෝහල් 40ක් වැසී ගිහින්

Admin

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday