Colombo Today Local News

මධුෂ්කගේ ගෝලයා කංජිපානි ඉම්රාන් කටුනායකදී අත්අඩංගුවට…

කංජිපානි ඉම්රාන් ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (28) උදෑසන  අත්අඩංගුවට  ගෙන ඇත.

මොහු පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් ගේ සමීපතමයෙකු වන අතර , ඔහු ඩුබායි පොලීසිය විසින් පිටුවහල් කිරීමෙන් පසු මෙසේ මාල දිවයින බලා යෑමට පැමිණෙන බවට කල් ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබී ඇති අතර , ඔහු  අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ 547 දරන ගුවන් යානයෙන් පැමිණ  කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනතුරුව ඔහු  ගුවන් තොටුපළ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දී , රට තුළට ඇතුළු වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

Related posts

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

කට්ටි පැන්න සිරිල් පුජකතුමා අද සි.අයි.ඩි.යට

colombotoday

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

වරායේ වංචාවක් හෙළිකල මාධ්‍යවේදියාට තර්ජන

Admin

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට.

colombotoday