Colombo Today Local News

මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙක් මැරුම් කති

වත්තේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් මිය ගියහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොවුන් දෙදෙනා මදූෂ් සහ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයින්ගේ සහයකයින් ලෙස කටයුතු කර ඇති බව ය.

මිය ගිය එක් සැකකරුවෙකු බයිලා නොහොත් රුමල්ෂ ඉරේෂ් මදුෂංක නවගමුව ලෙස හඳුනාගෙන තිබේ.

මොවුන් රනාල, අතුරුගිරිය, හෝමාගම ප්‍රදේශවල කප්පම් මුදල් එකතු කරන්නන් ලෙස කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු පිළිබඳ තොතුරක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද දහවල් වත්තේගම – තෙල්දෙණිය මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී හදිසි මාර්ග බාධකයක් යොදවා තිබේ.

එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද සොයා ගත් බව ය.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාට එරෙහිව මනුෂ්‍ය ඝාතන ,මුදල් කොල්ල කෑම් වැනි චෝදනාවලට අදාළව නඩු 11ක් පමණ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

Related posts

මරණ දඬුවම අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ බලතල කප්පාදුව ආප්ප බානවා වගේ කරන්න බෑ

Admin

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

colombotoday

නිමල් බෝපගේ නොදන්වාම ගෙදර යවයි.. මුදල් ලේකම් ජනමාධ්‍ය ලේකම් තනතුරේත් වැඩ

colombotoday

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

colombotoday