Colombo Today Local News

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්.. රැඳවියන්ගේ සිහිවිකල් වෙයි.. 4ක් ජීවිතක්ෂයට

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට පියවර ගැනීම හේතුවෙන් රැඳවියන් අතර ආරවුල් වැඩි වී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් අතර ගුටිබැට හුවමාරුවීමක් ද හට ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.

හෙරොයින් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවූ බොහෝ රැඳවියන් හෙරොයින් නොමැතිවීමෙන් සිහිවිකල් ව හැසිරෙන බවද බොහෝ බන්ධනාගාරවලින් වාර්තා වුණා.

ඉකුත් සති දෙක තුළ හෙරොයින් පානයට ඇබ්බැහි වු රැඳවියන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මීගමුව, කළුතර, කොළඹ රිමාන්ඞ් සහ බූස්ස බන්ධනාගාරවලදීයි.

ඉන් රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර තුළදී සිය දිවිහානි කර ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර සියලූ බන්ධනාගාරවල අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබේ. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. මෙහිදී, මත්ද්‍රව්‍ය නොමැති වීමෙන් බන්ධනාගාර තුළ කළහකාරිව හැසිරෙන රැඳවියන්ගේ සහ අනෙකුත් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

Related posts

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

Video: පරාජිතයා… සජිත්ට එන්න දෙන්නේ නෑ… හකීම්ගෙන් රනිල්ට කුණු බැනුම්

colombotoday

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

colombotoday

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

කෝකිලායි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙමල සන්ධානයට බලයක් ලැබුනේ කෙසේද?

colombotoday

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday