Colombo Today Local News

මණ්ඩතිව් නාවික කදවුර පුළුල් කිරීමට TNA විරෝධය… මිනින්දෝරුවන් හරවා එවයි…

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) උදෑසන පැමිණි මිනින්දොරු වරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මණ්ඩතිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාළ නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරු වරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබුණි.

අදාළ පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරු වරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.

නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේත්ම එකඟ නොවන බවටත් තිබෙන ප්‍රමාණයට වඩා එක අඟලක් හෝ භූමිය ලබා දීමට එරෙහිව විරෝධතාවය ඉදිරියටත් පළ කරන අතරම එම ඉඩම් සාමාන්‍ය වැසියන්ට ලැබිය යුතු බවටත්ය.

ada.lk

Related posts

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

colombotoday

තලාවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස්කරන ස්ථානයක් STF වටලයි

colombotoday

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

Admin

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday

සභාපති වජිර අඹේවර්ධන. මහ ලේකම් රංගේ බණ්ඩාර. නායක ? | එජාපයේ වෙනස් වුනු තනතුරු

colombotoday

උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

colombotoday