Colombo Today Local News

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

ටපු ආණ්ඩුකාර එම්.එල් හිස්බුල්ලා  මහතාගේ  මඩකලපුව විශ්ව විද්‍යාලය  සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ  අධ්‍යාපන  ආංගික  කාරක සභාව විසින් දෙන ලද වාර්තාව අධ්‍යනය කිරීමට දී ඇති සති දෙකක කාලය  ප්‍රමාණවත් නොවන බැවින්  එය අධ්‍යන කිරීමට මාස දෙකක කාලයක්  විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දෙන  ලෙස ඉල්ලමින් උසස් අධ්‍යාපපන අමාත්‍යංශය  ඉදිරිපත් කළ යෝජනාවකට ඉකුත් සිකුරාදා (19) කැබිනට් රැස්වීමේදී  ඇමැතිවරුන් පිරිසක් විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.

අදාළ යොජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූයේ වැඩබලන  උසස් අධ්‍යාපන ඇමැති  ලකී ජයවර්ධන මහතා විසින් බව රජයේ ආරංචිමාර්ග පවසයි. වාර්තාව අධ්‍යනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සති දෙකක කාලයක් මීට පෙර ලබා දී තිබු අතර  එය ප්‍රමාණවත් නොවන  බැවින් ඒ සඳහා  මාස දෙකක කාලයක් කැබිනට් මණ්ඩලයේ නිර්දේශයෙන් ඉල්ලා ඇත.

එහෙත් එතරම් කාලයක් ඒ සඳහා  ලබා දිය නොහැකි  බව ඇමැතිවරුන් පිරිසක්  පෙන්වා දී ඇති අතර  ඒ අනුව  මාසයක කාලයක්  පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ. 

Related posts

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයි

colombotoday

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin

ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday