Colombo Today Local News

“මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කරණ ලෙස ගම්වාසීහු ඉල්ලති.

කිරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ලියාපදිංචි වී තිබෙන “මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කර ඒ වෙනුවට “ළිඳ ගාව වත්ත මාවත”යන නම යොදන ලෙස එම ගමේ පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් සභා සම්මත විය.

අත්සන් 110කින් යුත් පෙත්සමක් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චිමහතා වෙත ඉදිරිපත් කරමින් සිය ගමෙහි නම එලෙස වෙනස්කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටියහ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති සනත් හෙට්ටිආරච්චි, මන්ත්‍රීවරුන් වන ශාන්ත රාජපක්ෂ, බර්ටි සමරසිංහ, විමලසිරි රුවන්පතිරණ, සිරිසේන විජේසිංහ, අනිල් වීරකෝන් හා අශෝකා වික්‍රමසිංහයන මන්ත්‍රීවරුන් හත්දෙනාම එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල මොහොට්ටාල, ක්‍රිෂාන් ජයසේකර හා ගංගා මධුෂානි විමලගුණසේකර යන මහත්ම මහත්මීන් තිදෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අනිල් කරුණානන්ද මහතා පමණක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළහ. ඒ අනුව විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හතරකි.

කෙසේ වෙතත් වැඩි ඡන්දයෙන් සම්මත වූ එම යෝජනාව ඉදිරි කටයුතු සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම ගැන කටක් නාරින අය පලස්තීනය වෙනුවෙන් කොළඹ යකා නටනවා

colombotoday

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

colombotoday

‍ඉන්දියානු නාවික බලය පෙන්වන්න ‘වික්‍රම්ආදිත්‍ය’ කොළඹ එයි

colombotoday

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

Admin

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin