Colombo Today Local News

බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගනී

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අතහැර දැමූ ඉඩමක් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ පීඩින බෝම්බ ඇතුළු යුද උපකරණ විශාල ප්‍රමාණයක් තිබී සොයාගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු 6 වන පියවර ප්‍රදේශයේ පාලු ඉඩමක් එලි පෙහෙලි කිරීමට පැමිණ වැසියෙකු එම ඉඩමේ පොලිතීන් උරවල දමා කිසියම් ද්‍රව්‍යක් ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පුදුකුඩඉරිප්පු පොලිසිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අදාල ඉඩමට ගොස් පරික්ෂා කිරීමේදී මෙම යුද උපකරණ තොගය සොයාගෙන ඇත.

එහිදී සොයාගත් යුද උපකරණ අතර කිලෝ 10 පීඩණ බෝම්බයක්, බිම්බෝම්බයක්, පී.ඊ. 1510 වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ එකක්, සී.ෆෝ වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ටී.එන්.ටී වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 350 ක්, ෆියුස් වර්ගයේ පුද්ගලනාශක බෝම්බ 4ක්, අත්බෝම්බ 114 ක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ස්විච් හා මරඋගුල් කිහිපයක් සොයාගත් දෑ අතර වෙයි.

පසුගිය යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් අදාල යුද උපකරණ තොගය සඟවා තබන්නට ඇති බවටත් හමු වූ යුද උපකරණ දිරාපති නොවන ලෙසින් පොලිතීන් උරවල දමා තිබූ බවටද පොලීසිය පැවසීය.

යුද උපකරණ පිළිබඳව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පවසයි.

Related posts

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

“ත්‍රස්තවාදය තුරන්කර ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ජනපති සිරිසේන අමතක කරලා” නාමල් ජනපතිට මතක් කරයි

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

කොළඹ මාර්ග දෙපස වාහන නැවැත්තුවොත් බද්දක් ගෙවන්න වෙයි.. අය කිරීම් දැන් ක්‍රියාත්මකයි

colombotoday

‘මේ රටට ඕන බෞද්ධ ඒකාධිපතියෙක්‘ – 2020 රටට ඕන නායකයා ගැන ඥාණසාර හිමි කතා කරයි

colombotoday