Colombo Today Local News

බොරු අතේ මාට්ටු.. “ඇඹිලිපිටිය ASPට ඇමතුම් දුන්නේ පොලීසියමයි” – නි.ඇමති සාගල

ඇඹිලිපිටියේ සාදයක් අතරතුර පොලීසිය සමග ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බැවින් කිවහැක්කේ දැනට අනාවරණය වී ඇති කරුණු පමණක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අදාළ ස්ථානයේ ගැටුමක් සිදුවන බවට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාට සාමාන්‍ය ජනයාගෙන් ඇමතුම් ලැබී නැති බවත්, පොලීසියේ පිරිසකට පහරදෙන බවට පොලිස් නිලධාරීන් විසින්ම ඔහුට දුරකථන ඇමතුම් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 වලට දුරකථන ඇමතුම් ලබාදෙමින් ලබාදුන් අය පවසා ඇත්තේ එතැන සාදයේ පිරිස් අතර ගැටුමක් පවත්නා බව නොව එතැන පිරිස් හා පොලීසිය අතර ගැටුමක් පවත්නා බව යයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මීට පෙරාතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ සාදය අතරතුර ගැටුමක් හටගෙන ඇති බැවින් එය මැඩපැවැත්වීමට ජනතාව විසින් පොලීසියට හා 119 සඳහා දුරකථන ඇමතුම් ලබාදී තිබුණු බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිලධාරීන් පැමිණ මත්පැන් ඉල්ලූ බවට කියැවෙන්නේ මරණයට පත්වූ පුද්ගලයාගේ බිරිඳගේ සාක්ෂියෙන් පමණක් බවයි.

පොලිස් නිලධාරීන් විසින් ලබාදුන් කට උත්තරවල කියැවෙන්නේ පොලීසිය සමග ගැටුමකට හේතුවූයේ අදාළ සාදයේ ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය අඩුකරන ලෙස පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මෙම සාදයේ සිටි පිරිස් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා බවයි.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂකගේ වාර්තාවට අනුව පුද්ගල මරණය සිදුව ඇත්තේ කැපුම් තුවාල වලින් අධික ලෙස රුධිරය වහනයවීම නිසා යයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

මෙරට එන්නත්කරණය බ්‍රහස්පතින්දා සිටම|මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.

colombotoday

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

colombotoday

යාපනේ ප්‍රතිඵලයෙන් තත්ත්වය උඩු යටිකුරු වෙයි – ගෝඨාභය අබිභවා සජිත් ඉදිරියට !

colombotoday

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday