Colombo Today Local News

බෙදුම්වාදීන් ඉල්ලන, රනිල්-චන්ද්‍රිකාලා බලාත්මක කරන්න ගිය 13 න් බලය බෙදීමෙන් රටට වෙන අගතිය ජනපති යුරෝපා ලොක්කන්ට කියා දෙයි !

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ප‍්‍රායෝගික නොවන බැවින් දේශපාලනඥයන් විසින් ඒ වෙනුවට විකල්ප විසඳුම් සෙවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

උදාහරණයක් ලෙස පළාත් සභාවලට පොලිස් බලතල ලබාදුනහොත් පොලිසිය දේශපාලනීකරණය වීම සිදුවිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී අද (06) පෙවරුවේ පැවැති හමුවක් අමතමිනි.

එම තානාපතිවරු පළමුව යුරෝපා සංගමය වෙනුවෙන් ජනාධිපතිවරයාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ.

මනා ලෙස සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළ තානාපතිවරු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් ජනාධිපතිවරයා කළ කතාව ද අගය කළහ.

ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප‍්‍රශස්තම පියවර බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති එරික් ලැවර්ටු, ජර්මන් තානාපති ජොන් රොඬේ, නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්රාම බයිස්ට්‍රෝචි, නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්‍රිප්, රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඬේ යන මහත්ම මහත්මීහු සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් මහතා ද මෙම හමුවට එක්ව සිටියහ.

සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම උනන්දුවක් දැක්වූ අතර ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පැවසුවේ දේශපාලන විසඳුම් සංවර්ධන ක‍්‍රියා පිළිවෙත සමග ඉදිරියට යා යුතු බවයි.

පොලිස් ස්ථානාධිපති දක්වා ධූරයන්ට පළාත් සභාවලට අයත් දිස්ත‍්‍රික්කවල ජනතාව පත් කිරිම වඩාත් ප‍්‍රායෝගික බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය භාෂාව හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් හටගන්නා ගැටළු විසඳීමට මගපාදනු ඇතැයි පැවසීය.

Related posts

කොවිඩ් ආසාදනයවී ප්‍රතිකාර ලබා නිවෙසට ඒමට සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ඇරඹේ

colombotoday

ලාල් කාන්ත කියූ විදියට අලි රිලා ප්‍රශ්නය විසදනු

Admin

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

රටෙන් භාගයක ජනතාවක් නැවතත් දුගී භාවයට පත්වීමේ අවදානමක්! – ලෝක බැංකුව අනතුරු අගවයි

colombotoday

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

colombotoday