Colombo Today Local News

බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !

my3 mahindaජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇති කරවා ගැනීම සඳහා මේ වන විට අලුතින් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වෙනුවෙන් දෙපාර්ශ්වයෙන්ම ප්‍රසිද්ධ දේශපාලකයන් නොවන නියෝජිතයන් සහභාගී වී ඇත.

ජනාධිපතිවරයා වෙනුවෙන් අශෝක අබේගුණවර්ධන ප‍්‍රමුඛ කණ්ඩායම ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මහින්දවාදී විපක්ෂයේ බුද්ධි මණ්ඩලය වන ‘වියතුන්ගේ හඬ’ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ද සම්බන්ධ වී ඇති අතර, මේ වන විට සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත.

ඉදිරි සතියේ පැවැත්වෙන සාකච්ඡාවේ දී මහින්ද පාර්ශ්වය හා එක්වීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අත්වන වාසිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා මෛත්‍රී – මහින්ද එකඟතාවයක අවශ්‍යතාවය ශ්‍රීලනිපයේ දෙපාර්ශවයම අවධාරණය කර සිටිති.

ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුයේ, ශ්‍රීලනිපයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාබද්ධ කරගෙන යන ගමනක් බවයි.

එසේම, ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා කියා සිටියේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ තරග කරද්දී එය ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේද සහාය අවශ්‍ය බවත් එම පාර්ශ්ව දෙක අතර එකඟතාවයක්‌ ඇතිකිරීමේ කතිකාවක්‌ ඇති විය යුතු බවත් ය.

Srilankanmirror

Related posts

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

ජනපති හා අගමැති සාක්කි දීමට නොපැමිණි හෙයින් පස්වන වතාවටත් සිතාසි

colombotoday

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

colombotoday

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

colombotoday

අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර

colombotoday

“අපිට වෙඩි තිබ්බොත් අපිත් වෙඩි තියනවා.” – පොලිස් ඇමති පාතාලයට අනතුරු ඇඟවයි

Admin