Colombo Today Local News

බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට එරෙහි වූ නස්ලීම්ට වෙඩි ප්‍රහාරයක්…

මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඩූ අන්තවාදීන්ට හා ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිසිය හා සහයෝගයෙන් කටයුතු කළ මාවනැල්ල උදාගම්මානයේ පදිංචි එච්. ආර්. එම්. නස්ලීම් මහතාට (37) වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ ඊයේ (10 දා) විමර්ශනය ආරම්භ කර ඇත.

නස්ලීම් මහතා නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී පෙරේදා (09 දා) අලූයම වෙඩි ප‍්‍රහාරයකට ලක්වී තිබිණි.

මොහුට වෙඩි තැබීම සඳහා යතුරු පැදියකින් දෙදෙනෙකු පැමිණ නිවසේ පස්ස දොරෙන් ගෙට ඇතුළු වී ඇඳේ නිදාගෙන සිටියදී වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි හෙළිවී තිබේ. නස්ලීම් මහතා නිදාගෙන සිටි ඇඳේ කොට්ටය මත තිබී පිස්තෝලයකින් නිකුත් වූ උණ්ඩයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නස්ලීම් මහතා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී ඔහුගේ හිසට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන අතර ඊයේ (10 දා) වන විටත් ඔහු සිහිය නොමැතිව දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නස්ලීම් මහතා උනාගම මුස්ලිම් පල්ලියේ සංගමයේ සභාපතිවරයාද වේ. තිදරු පියෙකුද වන ඒ මහතා සමාජ සේවා සංවිධාන රැුසක තනතුරු හොබවන ප‍්‍රදේශයේ සියලූ ජාතීන් අතර සහයෝගයෙන් කටයුතු කළ අයෙකි.

ඒ මහතාට වෙඩි තැබීමට පෙරදින (08 දා) පල්ලියේ ආගමික වතාවන් වලින් පසුව පැවති රැුස්වීමේදී ප‍්‍රදේශයේ මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය තුරන් කළ යුතු බවත් ඒ සඳහා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල සහාය ලබාදිය යුතු බවත් ඔහු පැවසූ බව ප‍්‍රදේශවාසීහු පවසති.

කෑගල්ල පොලිස් අධිකාරී චාමික පී. වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්. ඞී. නිලංග මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති මංජුල පියතිස්ස මහතා ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

දිවයින

Related posts

පළාත් සභා අහෝසි කරන්න – ඕමාරේ කස්සප හිමි

colombotoday

“2020 මීළග ආණ්ඩුව තීරණය කරන්නේ අපියි.. රාජපක්ෂලාට බලයට එන්න ආයෙ ඉඩ තියන්නෑ” චම්පික රණවක

colombotoday

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

Admin

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

colombotoday

කඩවුණු පොරොන්දුව ගැන කියා කතක් ජනපති ඉදිරියේම ඇමතිට ලැජ්ජ කල හැටි (VIDEO)

colombotoday