Colombo Today Local News

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

බුදුරුව සහිත සාරියක් අඳි කාන්තාවක් කටුගස්‌තොට පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව, කලවංචිකුඩි ප්‍රදේශයේ සිට මහනුවර පැමිණ තිබෙන ඇය පොලොන්නරුව බලා පෞද්ගලික බස්‌ රථයකින් යමින් සිටියදී බසයේ මගීන් මෙම කාන්තාව නීතිය හමුවට යොමු කළ යුතු බව කියමින් මගින් විසින්ම පොලිසියට කළ දැනුම් දීම ඔස්‌සේ කටුගස්‌තොට පොලිස්‌ නිලධාරීන් විසින් ඇයව (21)දින අත්අඩංගුවට ගෙන ඇත.

බුදුරුව මුද්‍රණය කළ රෙද්දකින් නිමැවූ සාරියක්‌ ඇඳ මහනුවරට පැමිණි තිස්‌ දෙහැවිරිදි මෙම කාන්තාව ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට පැමිණි බව ඇය විසින් පොලිසියට පවසා ඇත.

බස්‌ රථයේ මගීන්ගෙන් දැඩි විරෝධයක්‌ එල්ල වීමෙන් පසු මහනුවර කොට්‌ඨාසය බුද්ධි තොරතුරු ඒකකයට මගියකු ඒ බව දැනුම් දී තිබේ. පසුව කටුගස්‌තොට පොලිසියට අනුයුක්‌ත කොට්‌ඨාස බුද්ධි නිලධාරියා කටුගස්‌තොට පොලිසිය අසලදී අදාළ බස්‌ රථය නවතා එම කාන්තාව බස්‌ රථයෙන් බස්‌සවා පොලිසියට භාරයට ගෙන ඇත.

සංහිඳියා පනත යටතේ ආගම් අතර ගැටුමක්‌ ඇති වන ආකාරයේ කටයුත්තක්‌ සිදු කිරීමේ චෝදනා යටතේ අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

කටුගස්‌තොට පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. එස්‌. උවින්දසිරි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන සිදු කෙරෙයි.

Related posts

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

colombotoday

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

colombotoday

මාස 8ට 174,000ක් රටින් පිටවෙයි

Admin

අදත් පැය 7 හමාරක් විදුලි විසන්දි වෙන හැටි

colombotoday