Colombo Today Local News

බුද්ධි තොරතුරු මත සිදුකළ මෙහෙයුමකින් මිලියන 20ක් වටිනා කේරළ ගංජා ඇතුළු කහ තොගයක් අත්අඩංගුවේ

බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව යුධ හමුදා භට පිරිස් විසින් නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම් 205.7 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 104 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය-මන්නාරම මාර්ගයේ 543 වන බලසේනාවේ මාර්ග බාධකයක් හසුරුවමින් සිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින්කුඩා ලොරි රථයක් (ඩිමෝ බට්ටා) නවතා සෝදිසි කිරීමේදී ලක්ෂ 8.2 ක පමණ වටිනාකමින් යුත් කහ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින සවස 6.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම, කුන්චිකුලම් මාර්ග බාධකයේ රාජකාරී කල 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් සැකකරුවන් දෙදෙනෙකු සමග කේරළ ගංජා කිලෝග්‍රෑම් 104 ක තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය මන්නාරම් සිට වෙනත් ප්‍රදේශයකට ශීතකරණයක් සහිත වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් මිලියන 20.8 වටිනාකමින් යුත් ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday

ආර්ථික අර්බුදයට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කල ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Admin