Colombo Today Local News

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

බිළිඳු දරුවන් 30 දෙනෙකු මුදලට අලෙවි කිරීමේ  මිනිස් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු  මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි සහිතව  රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය.

සැකකරුට විදේශ ගමන් තහනම් කළ අතර,අලුතින් ගර්භනී මව්වරුන් ආයතන වෙත බඳවා ගැනීම නොකළ යුතු බවත් ,සෑම මාසයකම මුල් ඉරුදින ළමා හා කාන්තා කාර්යාංශය පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහැරියේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි උක්වත්ත  ආරච්චිලාගේ සදෙස් මංජුල( 47) යන අයයි.

එම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යංශ ලද තොරතුරක් අනුව ඒ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව  මෙම සැකකරු  ඉකුත්  21වෙනිදා මාතලේ උකුවෙල ප්‍රදේශයේ දී   අත්අඩංගුවට ගත් බව  සැකකරු අධිකරණ ඉදිරිපත් කරමින්  එම කාර්යාංශයේ නිලධාරීහු  පැවසූහ.

අතවරයට පත් ගැබිනි කාන්තාවන් සහ දරුවන් හදා වඩා ගැනීමට  නොහැකි ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන ගැබිනියන්ට සහනයක් සලසන බව කියමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන සැකකරු අලුත උපන් බිලිදුන් තෙවන පාර්ශවයකට රුපියල් ලක්ෂ එකහමාරකට මුදලකට  අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත .

සැකකරු මිනිස් ජාවාරම සඳහා යොදා ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් බවත්  එම ස්ථාන ද පරීක්ෂාවට ලක්කළ බවත්, එක් ස්ථානයක ගැබිණි මව්වරුන් දොළොස් දෙනකු දරුවන් මුදලට විකුණා සිටි මව්වරුන් පස් දෙනෙකු සහ විකිණීමට සූදානම් කිසි තවත් දරුවන් තිදෙනකු  පොලිස් භාරයට ගත් බව  කාර්යාංශයේ නිලධාරීහු අධිකරණයට පැවසූහ.

නඩුව ලබන මස 4  වැනිදා කැඳවීමට නියමිතය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Related posts

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

colombotoday

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday

“පුරවැසියන් ආණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා“ – යහපාලනය ගොඩගන්න පිරිමි මිසීලා නැවතත් කරළියට

colombotoday

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday