Colombo Today Local News

බිරිඳව ගෙදර තියලා ක්‍රිකට් ගහන්න… තිසර-මාලිංග බිරින්දෑවරුන්ගේ හටන ගැන ක්‍රීඩා ඇමති කී කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිසර පෙරේරා හා ලසිත් මාලිංගත්, ඔවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනා අතරත් සිදුවූ මත ගැටුම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (09දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිය අදහස් දැක්වූවා.

එහිදි ඔහු සඳහන් කළේ බිරිඳ ගෙදර තබා ඇවිත් ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ගසන ලෙසයි. එසේම ප්‍රශ්ණ කතා කිරීමට පැමිණීමේදී කණ්ඩායමක් ලෙස පැමිණෙන ලෙසත් ඔහු සඳහන් කළා.

“තරුණ ක්‍රීඩකයෝ විවෘතව ප්‍රශ්ණ ගැන සාකච්ඡා කරන්න. ක්‍රීඩකයින් තනි තනියම ඇවිත් කතා කළාම ඒක වැරදි මතයක් බවට පත් වෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට ඇවිල්ලා කතා කරන්න. 

පහුගිය දින කීපයේ මම දැක්කා ක්‍රීඩකයින්ගේ භාර්යාවන් ගැටළුවක් ඇති කරගෙන. මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි.

අපිට ලැජ්ජයි ඒ දේවල් දකිද්දි. මේක හංගන්න දෙයක් නැ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහ පිස්සු රටක් විදියට. ප්‍රශ්ණ ඇති. ඒවා ගෙදර තියලා එන්න. හැබැයි ක්‍රීඩා පිට්ටනියේ කණ්ඩායමක් විදියට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන් නැහැ.” 

Related posts

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයි

colombotoday

බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු ! සෞදියෙන් ජනපතිට බලපෑම්

colombotoday

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday

එජාපය ගොඩගැනීමට බුද්ධිය ඇති නායකයා ඔබ පමණයි. යුධ බිමේ හී පහර නොතකා පෙරට යන ඇත් රජෙකු සේ ඉදිරියටම යන්න.

colombotoday

මංගලගේ මංගල අයවැයි “දේදුනු අනන්තයේ” සිට හැදෙයි !

colombotoday

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday