Colombo Today Local News

බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක තිබී LTTE සංවිධානයේ නිළ ඇදුම් සහ මිනිස් අස්ථි කොටස් හමු වෙයි

කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක තිබී LTTE සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක් සමඟ හමුවු නිළ අංකය LTTE සංවිධානය ක්‍රියාකාරීව පැවති අවස්ථාවේ ක්‍රියාත්මක වු සෝදියා බළකාය වෙත ලබාදී තිබු නිළ අංකයක් වන බවට යාපනය ආරක්ෂක අංශ සැක පළ කරනවා.

LTTE සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක්, T56 වර්ගයේ ගිනි අවි කොටස් කිහිපයක් හා අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් ජී.සරවනබවන් රාජා ඉදිරියේ ඊයේ (26)දින කැනීම් ආරම්භ කළා.

අදාළ ස්ථානයේ තිබී මිනිස් සිරුරක බවට සැක පළ කරන අස්ථි කොටස් කිහිපයක්, දිරාපත් වූ ටී56 ගිනි අවි තුනක්, පතරොම් මැගසින් 8 ක්, ජීව උණ්ඩ 75, LTTE සංවිධානය භාවිතා කළ නිළ ඇදුමක කොටස් කිහිපයක්, LTTE සංවිධානය එකළ සිය සාමාජිකයින් හදුනා ගැනීම වෙනුවෙන් යොදා ගත් අංක තහඩුවක් සොයාගත් බව පලෙයි පොලිසිය පැවසුවා.

සොයාගත් නිළ අංකය දෙමළ ඥා අංකයෙන් යුතුව 0164 ලෙස සඳහන්ව පවතින අතර, අදාළ නිළ අංකය එවක සෝදියා බළකායට අයත් සාමාජිකාවන් වෙනුවෙන් නිකුත් කොට තිබු බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

LTTE සංවිධානයේ කාන්තා සෙබළියකට අදාළ අංකය ලබාදී ඇති බවත් කාන්තා බළකායේ සෙබළියන් පිහිටි බංකරයක් අදාළ ස්ථානයේ පවතින්නට ඇති බවද ආරක්ෂක අංශ සැක පළ කරනවා.

පොලිසිය පැවසූවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ හෙලෝ ට්රැස්ට් සංවිධානයේ සාමාජිකයින් පිරිසකකට අදාළ ගිනිඅවි කොටස් හා LTTE සංවිධාන නිළ ඇදුම් කොටස් පළමුව හමුව ඇති බවයි.

සොයාගත් ගිනිඅවි කොටස් පැරණි තත්ත්වයේ පසුවන අතර, යුධ සමයේ LTTE සංවිධානයේ හා යුධ හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු මුහමාලෙයි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පැවතියා.

එළැඹෙන 02 වැනිදා නැවත අදාළ ස්ථානයේ කැනීම් සිදු කිරීමට නියමිතයි

-Neth news

Related posts

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

තියුණු ආයුධකින් ගෙල කපා තිදරුපියෙකු මරලා

colombotoday

වෙඩිතැබීම් රැසක මහමොළකරු ‘හරක් කටා’ මාට්ටු

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday