Colombo Today Local News

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව අද (16)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හත්දෙනා අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවය.

ඊට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන සිදු කෙරෙන බව එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියක දී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එවක මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

Related posts

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙරට එන පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday

කටාරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් !

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි” – මහ බැංකු අධිපති

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday