බැඳුම්කර වංචාව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා දැනුවත්ව සිදුවූවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු පවසන්නේ බැඳුම්කර වංචාව රවී කරුණානායක මහතාගේද දැනුවත්වීම මත සිදු වූවක් බවය.
කැලණිය ප්රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්රකාශ කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ මහ මැතිවරණය පරාජයවීමට ද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සිදු කළ ප්රකාශ හේතු වු බවය.