Colombo Today Local News

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද(30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නේ යැයි රවී කරුණානායක මහතා සම්බන්ධයෙන්  රහස් විසින් සිදුකරන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කිරීමෙන් පසුව අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම සිද්ධියට අදාළව ඉදිරියේදී රවී කරුණානායක මහතාගෙන් සහ ඔහුගේ දියණියගේ ප්‍රකාශ ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද රජයේ නීතිඥවරිය දන්වා සිටියේය.

අනතුරුව පැමිණිල්ල ජුලි මස 29 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රහස් පොලීසියට නියම කළේය.

Related posts

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin

චම්පික රණවක හොරෙන් හොරෙන් කොල්ලුපිටිය පල්ලියට. – කාදිනල් වීමට සිරිල් ගාමිණි පියතුමා කුමන්ත්‍රණයක. | විශේෂ හෙළිදරව්වක්

colombotoday

මට ඕනනම් ඇලෝසියස්ට සල්ලි දෙන්න පුලුවන්… මට ඒ තරම් සල්ලි තියනවා – ඇමති කබීර් කියයි

colombotoday

ජවිපෙ සහ එජාප මතය එකයි.. ශ්‍රීලනිප මතය ඊට වෙනස් – ඇමති නිමල් සිරිපාල

colombotoday

බද්දේගමදී “ජන සටන” ඇවිලෙයි.. අමරවීරට හූ තියයි.. රනිල් එක්ක දීග ගිහින් ශ්‍රීලනිපය ‍ගොඩ ගන්න බෑ කියයි

colombotoday

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

colombotoday