Colombo Today Local News

බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කෙරේ

කෑගල්ල නගරයේ දී බහින්බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ ආරවුලකින් පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඊයේ (05)දින රාත්‍රීයේ දී මෙම පහරදීම සිදු වී ඇති බව පොලීසිය පවසයි.

අදාළ පහරදීමෙන් මියගොස් ඇත්තේ 20 හැවිරිදි, වින්සන් වික්‍රමසිංහ මාවත, කෑගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු පළ ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

colombotoday

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday