Colombo Today Local News

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වය යම් තරමක පාලනයයට යටත් කොට තිඛෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ දිනවල බස්නාහිර පළාත තුල වැඩි වශයෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකෙරන බවත් අවශ්‍ය නම් දිනකට සිදුකරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 3000 ක් දක්වා වැඩිකිරිමට හැකි බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් තත්වය තවමත් සියයට සියයක් පාලනය කොට ඇති බව පැවසිය නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

මෙරට කොරෝනා පාලනය වෛද්‍ය අංශ වෙතින් ගිලිහී ගොස් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෙසක් සතිය අවසන් වන තෙක් සහ ඉන් පසුවද කලක් ගතවන තෙක් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් යම් පාලනයකින් යුතුව දෛනික කටයුතු සිදුකිරිමට සිදුවීම අනිවාර්ය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණ කළේය.

Related posts

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි කකුල තියන්න බලන් ඉන්නවා | සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday