Colombo Today Local News

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වයේදී බයිබලයෙන් දමා ගැසූ බවට එජාපයේ කණ්ඩායම් විසින් සමාජජාල මාධ්‍ය තුල ගෙන යන ප්‍රචාර අසත්‍ය බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය….

ඊයේ 2018.11.16 දින පාර්ලිමේන්තුවේදී මා විසින් ශුද්ධ වූ බයිබලයකින් දමා ගැසූ බවට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු විපක්ශයේ දේශපාලනඥයින් විසින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රචාරයන් බව අවධාරණය කරන අතරම එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂප කරමි. ඒවගේම මා අදහන ආගමට මා කොතරම් ගරු කරනවාද යන්න ආගමික නායකයින් හොදාකාරවම දන්නා බවද විශේෂයෙන් කියනු කැමැත්තෙමි .

ජනතාව තුල අප කෙරෙහි අප්‍රසාදයක් ඇතිකරවීමට මෙවැනි ආගම හා ශුද්ධ වූ බයිබලය යොදා ගනිමින් සිදු කරන මඩ ප්‍රචාර වලින් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ශයේ දේශපාලන බංකොලොත්භවයි.ප්‍රජාතන්ත්‍ර විරෝධී කථානායකවරයාගේ අත්තනෝමතික හැසිරීමට විරෝධය පලකරමින් අප විසින් ප්‍රජතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා කල සටන හා උද්ඝෝෂණ නිසා ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි විය.එබැවින් විපක්ශය විසින් ආගම ධර්මය හා ශුද්ධ
වූ බයිබලයට පවා අපහාස කරමින් නිහීන දේශපාලනක් කිරීමට තරම් පහත් මට්ටමකට ඇද වැටීම අතිශය ශෝකජනකය.තවද මෙවැනි ආගම් යොදාගෙන කරන මඩ ප්‍රචාර සදහා රනිල් වික්‍රමසිංහ හා කථානායක කරූ ජයසූරිය අනුබල දීම කණගාටුදායකය.

විශේෂයෙන්ම විපක්ශයේ කතෝලික මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා හරින් ප්‍රනාන්දු රන්ජන් රාමනායක ආණ්ඩුවට මඩ ගැසීම සදහා තමුන් අදහන ආගම පවා පාවිච්චි කිරීම කණගාටුවට කරුණක් වන අතර කණගාටුවකටත් වඩා මා දකින්නේ එය පවුකාරකමක් ලෙසය.වරක් හිටපු මුදල් අමාත්‍යවරයාවූ මංගල සමරවීර දේශපාලනික කරුණු අරභයා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් නිර්දය ලෙස විවේචනය කරද්දි කට වහගෙන සිටි මේ විපක්ශයේ කතෝලික මන්ත්‍රීවරුන් රාජ්‍ය ලාංජනය මුද්‍රණය කල පොතක් ශුද්ධ වූ බයිබලයක් බවට පවසමින් කරන මඩ ගැසීම අතිශයින්ම අප්‍රසන්නය.එබැවින් කතෝලික ආගමවත් ශුද්ධ වූ බයිබලයයත් තමුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා නොගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ශයේ මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනු කැමැත්තෙමි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු
වෙලෙද, පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබද අමාත්‍ය

Related posts

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday

අතුරුදන් වූ ඇලෝසියස් බැදුම්කර කොමිසමට එයි (Video)

colombotoday

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

colombotoday

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

colombotoday

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday