Colombo Today Local News

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කළ පාර්සල් 18ක තිබී හෙරොයින් ඇතුළ තවත් ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.

ඊයේ (15)දින රාත්‍රියේ දී බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් මෙම පාර්සල් විසි කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව එම පාර්සල්වල තිබී ජංගම දුරකථන 38ක්, දුරකථන බැටරි 264ක්, සිම් කාඩ්පත් 20ක් , හෙරොයින් ග්‍රෑම් 3.5ක්, මාවා පැකට් 10 ක් හා දුම්කොළ 40ක් සොයා ගෙන තිබේ.

මෙම ද්‍රව්‍ය සියල්ල බොරැල්ල පොලීසියට මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇත.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පුද්ගලයින් 7ක් දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

colombotoday

ට්‍රැක්ටර් රථයක් පෙරළී තිදෙනෙක් මරුට

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට විශේෂ කාරක සභාවක්

colombotoday

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

colombotoday