Colombo Today Local News

බදු ගෙවමු, කොටි නගමු !

රජයේ මුදලින් එල්ටීටීඊ සාමාජිකයන්ට වන්දි ගෙවීමේ සූදානමක් ඇති බැවින් බදු ගෙවීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (20දා) පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

දෙමළ ඊළම ලබාදී රට බෙදීමේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදව් කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත්, ලෝකයේ කිසිම රටක ත්‍රස්ථවාදී සංවිධානවල සාමාජිකයන්ට වන්දි ගෙවා නැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීමට තීරණය කර තිබෙන්නේ ආණ්ඩුවට මොළේ අමාරුව හැදී ඇති නිසා බවත්, එවැනි ආණ්ඩුවකට බදු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

රුපියලේ හුළං බහී

Admin

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට සැලසුම්

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

colombotoday

අමාත්‍යාංශ 38ක් අසාර්ථකයි.. වරද ලේකම්වරුන් පිට පැටවෙයි.. වැඩබැරි ඇමතිලා ශුද්දයි !!

colombotoday